ස්මාර්ට් යුගයකට යන අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඇරඹිය යුතුයි :අගමැති

අද අලුත් තාක්ෂණයක් ඇති බවත් අධ්‍යාපන ක්‍රමය වසර 10ක් තුළ දියුණු කල යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

එකල ලිපි ලේඛන සමග ගනුදෙනු කළත් අද  ලෝකය යු ටියුබ් ,ටිවිටර් ,ගුගල් ,ඊමේල් සමග ගනුදෙනු කරන ස්මාර්ට් යුගයකට පැමිණෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

එම නිසා අලුත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here