“බක්මහ දිවුරුම”ප්‍රකාශයට පත්කෙරේ


‘මතින් නිදහස් රටක්’ වෙනුවෙන් රටම එක් ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නිදහස් චතුරශ‍්‍රයේ දී ප්‍රකාශයට පත්විය .

මේ දිවුරුම සඳහා මැතිඇමතිවරු,රාජ්‍යසේවකයින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ,පාසල් ශිෂ්‍යයින් ඇතුළු මහජනතාව එක්ව සිටියේය.

සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් සමාරම්භක උත්සවය ආරම්භ විය. 

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ‍්‍රී ලංකාවට උදාකර ගැනීමේ ප‍්‍රයත්නයෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස “මතින් නිදහස් රටක්” නමින් කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සියලු අංශවල සහයෝගයෙන් මේ වන විට දිවයින පුරා සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here