තමා බැන වැදුනේ භික්ෂූන් වහන්සේ නමකට නොව උද්ඝෝෂකයකුට ඇමති කිරිඇල්ල කියයි

ගම්පොළ-නාවලපිටිය මාර්ගයේ මරියවත්ත මංසන්ධියේ දී ප්‍රදේශවාසීන් මරියාවත්ත සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා අද උද්⁣ඝෝෂනයේ නිරතවිය.

ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටි අතර, විරෝධතාකරුවන් අතරට මහා සංඝරත්නයද එක්ව සිටියේය.

එහිදී ඉන් එක් හිමි නමක් විසින් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දුරකථනයෙන් සිය ගැටළුව පවසා සිටියි.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ තමා මහාමාර්ග අමාත්‍යවරයා සිටි කාලයේ මෙම ගැටළුව පිලිබදව කියා සිටියේනම් එය විසඳන බවයි.

තවදුරටත් ⁣කල දුරකථන සංවාදයේදි අමාත්‍යවරයා අදාල දුරකථන ඇමතුම ලබා දුන් හිමි නමට අසභ්‍ය වචනයෙන් බැන වැදුනි.

පසුව මෙම සිද්ධියට අදාලව අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් සභානායක කාර්යාලයේ කාර්ය බහුලව සිටින වෙලාවක මෙම දුරකථන ඇමතුම ලැබුනු බවත් එම පුද්ගලයා තර්ජනාත්මක ලෙස ප්‍රකාශ කර සිටියේ තමා පාරක් සැදිමට වෙන්කල මුදලින් රුපියල් ලක්ෂ 500ක් ගසා කා ඇති බවත්ය.

එම අපහාසාත්මක හා අභුත චෝදනාව කල පුද්ගලයාට එම අවස්ථාවේ තමා අවේගශීලිව පිලිතුරු ලබාදුන් බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තවද එම අවස්ථාවේ පිලිතුරු ලබා දුන්නේ හිමිනමකට නොවන බවත් ඇමතුම ලබාදුන් උද්⁣ඝෝෂනකරුට බවත් අමාත්‍යවරයා නිවේදනයෙන් ප්‍රකාශ කරයි

එමෙන්ම එම දුරකථන අැමතුම ලබා දි ඇත්තේ භික්ෂූන් වහන්සේනමක් බවට දැනගත්තේ ප්‍රවෘත්ති විකාශකයකින් පසුව බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා අදාල නිවේදනයෙන් කියා සිටියි.

එසේම මෙම ප්‍රකාශය නිසා යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයට අපහාසයක් සිදුවුවානම් බෞද්ධයකු ලෙස ඉතා කනගාටු වන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම නිවෙිදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here