TNA මන්ත්‍රීවරුන්ට 13 ත් එපා වෙලා විපක්ෂ නායක කියයි


මැතිවරණය පැවැත්වීමකින් තොරව පලාත් සභා සඳහා මුදල් වෙන් කිරීම පල රහිත ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි

විපක්ෂ නායකවරයා ⁣කියා සිටියේ පසුගියදා වැය ශිර්ෂ කිහිපයක් පරාජය කිරිමට කටයුතු කලේද පලාත් සභා මැතිවරණය කල් දැමිමට විරෝධය පලකිරිමක් ලෙස බවයි.

අද වන විට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ටද පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කලේය.

ඔවුන්ට මේ වනවිට 13 වැනි සංශෝධනයද අමතක වී ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියසිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදි මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවු අවස්ථාවේදියි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here