සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි


සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here