සහකාර පොලිස් අධිකාරි උපුල් අලවත්ත අත්අඩංගුවට

සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවෙන් පැහරගෙන ගොස් වද හිංසා කර අතුරුදහන් කළ බව කියන සිද්ධියකට අදාළව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා කැඳවනු ලැබු අතර සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

මෙසෙල අතුරුදන් වී ඇත්තේ සුනන්ද කන්ඩම්බි නැමැති පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

 එම පුද්ගලයා 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට මෙම පොලිස් නිලධාරියාට චෝදනා එල්ලවී ඇති අතර එම කාලයේ ඔහු පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇත.

අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරීවරයා අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here