රටේ අභියෝග ජයගන්න උගතුන්ගේ විද්වතුන්ගේ මැදිහත් වීම ප්‍රමුඛ අවශ්‍යතාවයක්:ජනපති


රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.

එබැවින් ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ එකතුවක් රටට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව එහි නවෝත්පාදනල නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය මඟින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන අතර එය අද සහ හෙට සිරිමාවෝ බණ්ඩරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ.

විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින අතරල ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශි කරමින් “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here