මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය නවතා දමා නැහැ: මලික් සමරවික්‍රම

යෝජිත මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය නවතා දමා නොමැති බව උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඒ සදහා ඕමානයේ සමාගමක් ආයෝජනය කිරිමට එකඟ වි ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා විවාදයේදි අදහස් දක්වමිනි.

එසේම ශ්‍රී ලංකාවේ අලුතෙන් කර්මාන්ත කලාප හදුන්වා දිමට කටයුතු කරන බව සහ රට පුරා අපනයන වෙළද පොලක් නිර්මාණය කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here