හිරිහැර විදි ගෘහ සේවිකාවන් 57ක් ලංකාවට

කුවේට් රාජ්‍යය වෙත රැකියා සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර කරදරවලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

මොවුන් අතරින් 09 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 48 දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිස අද දින උදෑසන 6.15 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් පැමිණියා.

මෙසේ ප්‍රශ්නවලට භාජනය වූ මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි පිරිසක් සිටිති.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඔවුන්ට තම නිවෙස් කරා යෑමට දීමනාවක් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here