හම්බන්තොට තෙල් පිරිපහදුවේ පළමු ආයෝජනය ශ්‍රී ලංකාවට

හම්බන්තොට ඉදිකෙරෙන තෙවන තෙල් පිරිපහදුව සඳහා පළමු ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක මුදල ශ්‍රී ලංකා රජය වෙත භාර දී ඇත.

ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම ආයෝජනයට අදාල පළමු ගෙවිම වන ඇමරිකානු ඩොලර් මිලියන 4 න් සියයට 10 ක් මෙලෙස ලබා දි ඇති බවයි.

සිංගප්පුරුවේ පිහිටි සිල්වර් පාර්ක් ජාත්‍යන්තර ආයතනය සහ බහරේනයේ ඛනිජ තෙල් සහ ගෑස් අමාත්‍යංශය එක්ව මෙම තෙල් පිරිපහදුව ඉදිකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ එය මෙරට විශාගතම තනි විදේශ ආයෝජනය වන බවයි.

අදාළ ආයෝජනයේ මුළු වටිනාකම අමරිකානු ඩොලර් බිලියන 3 යි දශම 9 කි.

මෙම පිරිපහදුව මගින් පිරිපහදු කරන ඉන්ධන විදෙස් රටවලට අලෙවි කිරිම මගින් වාර්ෂිකව අමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් ඉපයිමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යාපෘතිය යටතේ බිහිවන සෘජු රැකියා සංඛ්‍යාව 6000 ඉක්මවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here