Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මතින් නිදහස් රටක් වැඩි ඈතක නොවේ


ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව ජනාධිපතිතුමා පවසයි .

කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියි.

අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බව පැවසු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේ ය.

රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බව සඳහන් කළ ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බව ද කියා සිටියේය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බව ජනාධිපතිතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: