මත්ද්‍රවයන්ට සම්බන්ධ වන්නන් කතෝලික සභාවෙන් ඉවතට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කතෝලිකයින් අතර සිටින්නේ නම් ඔවුන්ව කතෝලික සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. එසේම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සමඟ දේශපාලනිකව අත්වැල් බැඳගෙන කටයුතු කරන අයව ද පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු බවත් එහිමියන් පවසයි.

මත්කුඩු, මත්ද්‍රව්‍ය සමාජය තුළට ගෙනවිත් අහිංසක දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන්නට සමාජය උත්සාහ දරණ බව පැවසූ එහිමියන් ඔවුන්ව නීතියේ රැහැනට හසුකර දීමද තමන්ගේ යුතුකමක් බවත් උන්වහන්සේ පවසයි.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී ගැනීමට යන මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව දීම සඳහා ජාති, ආගම් භේද නොතකා සියල්ලන් එකතු වෙමු යනුවෙන් ද එහිමියන් යෝජනා කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here