පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නිල ප්‍රකාශක පක්‍ෂ සමුළුවේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න එම පක්‍ෂ මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පොදුජන පෙරමුණේ සමුළුව ජූනි මස අග භාගයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබේ. ඒ අනුව සම්මේලනය පැවැත්වීම සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක් පිළිබඳවම සලකා බලමින් සිටින බව පැවසේ.

පක්ෂ සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම නිවේදනය සිදු කරන බව පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සම්මේලනයේ දී ඉතා වැදගත් යෝජනා ගණනාවක් ම සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here