Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කරන්නාගොඩට සිදුවන ඇතැම් දේ අනුමත කල නොහැකියි : ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා

යුද්ධය නිම වීමෙන් පසු සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඩුවම් ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර ඇඟිලි ගැසිම් වැළැක්විය නොහැකි බවත් කරන්නාගොඩ මහතා වැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී සිදුවන ඇතැම් දේ තමා ද අනුමත නොකරන බවත්, ඒවා සම්බන්ධයෙන් පාලකයින් මැදිහත් විය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නාවික හමුදාපතිවරයාට කරපු සමහර අපරාධවලට වගකීමට අද වන විට සිදුව ඇති බවත්, එවැනි පුද්ගලයින් කීපදෙනෙක් වැරදි කරපු අය සිටින බවත්, ඔවුන්ට රටේ නීතිය හරහා දඩුවම් ලබා දෙනු ඇතැයි ද ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා පසුගිය යුද සමයේ සිදු වු යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි යැයි පැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, හිටපු මහ ඇමතිවරුයෙක් වශයෙන් ලංකාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන් ඉල්ලා සිටීම ලැජ්ජාවට කරුණක් බව ද පැවසීය.

යුද්ධයෙන් පසුව සිදුවු ඇතැම් සිදුවීම් ගැන පැමිණිලි ඇතැත් ඒවාට යුද්ධයෙන් පසු සිටි හමුදාපති නිසැකයෙන්ම වගකිව යුතු බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: