එජාපයෙන් මෙවරත් පොදු අපේක්‍ෂකයෙක් මෛත්‍රී

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ආකාරයෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව අශෝක් අබේසිංහ මහතා වැඩි දුරටත් පවසයි.

ඒ අනුව ඉදිරි වසර පහට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහිවන බව අවධාරණය කළේය. තමන් මීට පෙරද මෙම අනාවැකිය පවසා ඇති බව සඳහන් කළේය. ඒ අනුව ඔක්තෝම්බර් මාසය වන විට එම අපේක්ෂකයාගේ නම හෙළිකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here