ආහාර සුරක්ෂිතතා සතිය අදින් ඇරැඹෙයි

“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අද සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

2019 වසරේ මූලික අරමුණ වන්නේ මෙවර තේමාවට අදාලව පාරිභෝගිකයින් සවිබල ගැන්වීමයි.

සුරක්ෂිතව පිළිනොගන්වන ආහාර පිළිගැනීම ප්‍රතික්ෂේප කර එම ආයතන පිළිබදව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් කිරීම සදහා ජනතාව පෙළගැස්වීම මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙයි.

සුරක්ෂිතව ආහාර නොපිළිගන්වන, ආහාර පරිහරණය කරන ආයතනවලට එරෙහිව ආහාර පනත සහ එහි රෙගුලාසිවලට අනුකූලව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර ඇත.

ආහාර පරිහරණය කරන ආයතනවල සේවය කරන්නන් සදහා පැය 04 ක පුහුණුවක් ලබා දී ඔවුන් සදහා සහතික පත්‍රයක් නිකුත් කිරීම ද මෙම සතිය තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here