අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය විනාශයට


පොලිස් මත්ද්‍රව්‍ය කාංර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් වු මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 769යි ග්රෑම් 464 විනාශ කිරිම අද කැළණියේ දි සිදු විය.

මෙම අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධික්ෂණයට ද ලක්විය

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව මෙම විනාශ කිරිම සිදු කොට තිබේ

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේද යන්න ජනතාව තුල ඇති ගැටළු වට විසදුමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම කටයුත්ත සිදු කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here