Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

යහපත් සමාජයක් ගොඩනැගිමේ කාර්යේ පෙරමුණ මහා සංඝරත්නය ගත යුතුයි


සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යයේ මෙන්ම යහපත් සමාජයක හර පද්ධතින් රැක ගනිමින් ඒවා පෝෂණය කිරීමට කැපවූයේ ගෞරවනීය මහා සංඝරත්නය බව ජනාධිපතිතුමා පවසයි

අද දවසේ ද යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගතයුතු බව ජනාධිපතිතුමා කියා සිටියි .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ බණ්ඩාරවෙල, කුරුකුදේගම විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: