Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මත්ද්‍රව්‍ය තොගයක් හෙට ජනපති නියමයෙන් විනාශයට


ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 765 කට අධික ප්‍රමානයක් හෙට දින විනාශ කිරිමට කටයුතු යොදා තිබේ.

කැළණිය මගුරු වෙල සුරවීර ගබඩා සංකිර්ණයේදි හෙට පෙරවරුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව මෙම විනාශ කිරිම සිදු කරයි.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේද යන්න ජනතාව තුල ඇති ගැටළු වට විසදුමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම කටයුත්ත සිදුකරනු ලබයි.

හෙට මෙලෙස ප්‍රසිද්ධියේ විනාශයට පත් කරනු ලබන්නෙ මෙරට තුලදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සදහන් කරයි.

එමෙන්ම අප්‍රේල් 3වනදා සිට මත්ද්‍රව්‍ය වලට අදාල වැටලිම් තවදුරටත් ඉහල නංවමින් තවත් වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිතුමාගේ උප⁣දෙස් පරිදි කටයුතු කිරිමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: