දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණයක්


බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බවත්
ඔහුට එරෙහිව සිදුකරන පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි .

බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේ දී දිමුත් කරුණාරත්න පැදවු මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටිමෙන් අද උදෑසන අනතුරක් සිදුවිය

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්න ප්‍රකාශයක් ලබා ගැනිමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරීමට බොරැල්ල පොලීසිය පියවර ගෙන තිබේ

හෙට දින දිමුත් කරුණාරත්න අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here