තවත් බීඩි කොළ තොගයක්

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වි තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු 29 සහ ඊයේ, දෙදින තුළ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 3084.26 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම බීඩී කොළ පාර්සල් වශයෙන් අසුරා බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි

නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිවී තිබේ

.නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත. ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 10 කදි පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බීඩී කොළ කිලෝග්‍රෑම් 10000 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here