ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේදි සිදුකල රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ⁣කල විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේය .

දිමුත් කරුණාරත්න ගමන්කල මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරු සිදුවන අවස්ථාවේදියි දිමුත් කරුණාරත්න බීමතින් සිටි බවද පොලිසිය සදහන් කලේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බොරැල්ල පොලිසිය සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here