Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විදුලි මාෆියාව හෙළිවේ. ජනපතිට වාර්තා

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීමට මේ වන විටත් රවි කරුණානායක, කබීර් හෂීම් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක්දපසුගියදා පත් කෙරිණි.

පසුගිය වසර 4ක කාලය තුළ විදුලි බලය වැඩිදියුණු කිරීම හෝ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධව කිසිදු ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් සකස් කිරීමට මණ්ඩලයේ හෝ අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඉංජිනේරුවන් කටයුතු නොකිරීම නිසා විදුලි බල අර්බුදයක් හටගෙන ඇති බව මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මණ්ඩලයට හා මහජන උපයෝගිතා කොමිසමට දැඩි සේ දොස් පවරා ඇත.ජනතාවට අඛණ්ඩව විදුලි බලය සැපයීමට නොහැකි වී ඇත්තේ විදුලිය සම්බන්ධ ඉංජිනේරුවන්ගේ හා නිලධාරීන්ගේ නොසැලකිල්ල හා තමන්ට වාසි සහගත කොමිස් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බව පැවසේ.

ඒ විදුලිබල මණ්ඩලයේ, අමාත්‍යාංශයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බල මාෆියාවට සම්බන්ධයෙන් එහි සිදුකල පරික්ෂනයකිනි.

ඊට නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පැවසේ. එමෙන්ම  විදුලි මාෆියාව මඟින් සිදු කළ මහා පරිමාණ වංචා සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව සදහන් වේ.තව දුරටත් මෙහි පරීක්ෂණ සිදු කෙරෙන බව වාර්තා වේ. (AS)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: