Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය


වසවිස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

“නොකමු වසවිස රකිමු මව්බිම” තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අද සිට දින 03 ක් පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අරමුණ වසවිසෙන් තොර රටක් හා තිරසර සංවර්ධන යුගයකට මුලපිරීමයි.

අත්කම් උපකරණ හා සැරසිලි නිෂ්පාදන ඇතුළත් සිය ගණනක ප්‍රදර්ශන කුටි, වෛද්‍ය සායන, පොත් ප්‍රදර්ශන, විශේෂ විද්වත් කතිකාවන් ඇතුළත් අංග රැසකින් ප්‍රදර්ශනය සමන්විතය.

නිරෝගිමත් ජනතාවක් – වසවිස නැති රටක් ගොඩනැඟීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: