රත්මලානේ අංජුගේ ගෝලයින් තිදෙනෙක් මත්කුඩු සමග අත්අඩංගුවට


රත්මලානේ අංජු නැමති අපරාධකල්ලි සමාජිකයාගේ සහායකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී ඊයේ පස්වරුවේ රත්මලාන කොතලාවලපුර ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව සදහන් වෙයි

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම ලක්ෂ දහයක් පමණ වන බව පැවසෙයි

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.ු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here