පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන ඉඟියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළඹෙන මැයි මස අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමා වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි හොඳම විකල්ප රාජපක්ෂවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බවයි.

රටේ කුමන දිශාවකට ගියද ජනතාව ඉල්ලන්නේ එම රාජපක්ෂවරයා බව රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here