සැකකරුවෙක් මරන්න දුන් නියෝගය ප්‍රතික්ෂේප කල නිසා මාරුවක් දුන් CCD ස්ථානාධිපතිගේ මාරුව නැවතී

අත්අඩංගුවේ පසුවූ සැකකරුවකු මරා දමන ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා දුන් නියෝගයක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට ලබාදී තිබුණු ස්ථාන මාරුව අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම මින් පෙර ලබාදී තිබුණු තීන්දුව යළි වෙනස් කර තිබේ.

නමුත් වැඩි දුරටත් පැවසෙන්නේ ඒ අනුව ස්ථාන මාරුව යළි ක්‍රියාත්මක කෙරෙන බවත් නෙවිල් සිල්වා මහතාට වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරක් ලැබෙනු ඇති බවත්ය.

මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වතාවේ රැස්වූ ජාතික පොලිස් කොමිසම මෙම ස්ථාන මාරුව අත්හිටුවාඇති බව වාර්තා වේ.

එහෙත් එම කොමිසමේ වැඩබලන සභාපති සාවිත්‍රි ඩී. විජේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසම රැස්වූ අවස්ථාවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කර තිබුණු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම ස්ථාන මාරුව යළි අනුමත කිරීමට තීන්දු කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here