Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ශ්‍රීලනිපය සමග පොදුජන පෙරමුණට ගනුදෙනුවක් නැති බව අනුරාධ කියයි

සැමවිටම එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සමඟ හවුල් සන්ධානයක් ඇති කරගැනීමේ වුවමනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසයි.

ශ්‍රීලනිපය මෙන්ම සිංහල, දමිළ, මුස්ලිම් සියළු දෙනා එක්කර ගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ වුවමනාව තමන්ට ඇතත් තමන් සමඟ එකතුවීමට සාකච්ඡා කරන අතරම අයවැයේදී හරහට කතිර ගසනා ශ්‍රීලනිපයක් තමන්ට වුවමනා නොමැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

එසේම 2020 ජනවාරි 09 වනදා නව ජනාධිපතිවරයකු දිවුරුම් දිය යුතු බවත් ඒ සඳහා කුමන සන්ධාන ගොඩනැඟුණත් අවසානයේ දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයකු බවත් අනුරාධ ජයරත්න මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: