වසරකට රිය අනතුරු වලින් 2500 කට අධික පිරිසක් මරුට

රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ දිවි අහිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙලෙස බොහොමයක් දෙන මිය යන්නේ යතුරුපැදි සහ මෝටර් රථ අනතුරු වලිනි.

එමෙන්ම ඊයේ දිනයේදීද හලාවත පොලිස් වසමේ හලාවත පුත්තලම මාර්ගයේ වට්ටක්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් පදික කාන්තාවක් මිය ගොස් ඇත. පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී ඇති කාන්තාව බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ ජයබිම හලාවත ලිපිනයේ පදිංචි කාන්තාවකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here