Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මාකදුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම ලංකාවට

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සියළු ශ්‍රී ලාංකිකයන් මෙරටට පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් එම පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීමට අනුව මෙය සිදුවන බව පැවසේ.

ඔවුන් එලෙස පිටුවහල් කළත් කොහෙන් හෝ පැනීමට ඉඩකඩ ඇති නිසා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සදහා සීරුවෙන් සිටින බවත් මෙම ආරංචි වල සදහන් වේ. එ අනුව ශ‍්‍රී ලංකා පොලිසියේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එම පිරිස මෙරටට පිටුවහල් කලහොත් කටුනායක ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව ඉතා නුදුරේදීම මෙම පිරිස ශ්‍රී ලංකාව බලා පිටුවහල් කරනු ඇතැයි සදහන් වන අතර මේ වන විට ඩුබායි අත් අඩංගුවේ සිටි පිරිසෙන් හයදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. පෙබරවාරි 05 වන දින අත්අඩංගුවට ගත් මෙම පිරිස දින 50න පමණ කාලයක් එරට අත්අඩංගුවේ පසුවිය.

AS.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: