උත්සව සමයේ එළවළු මිල ඉහල යන ලකුණු

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහකන්නයේ එළවළු අස්වැන්න වෙළඳපොලට නොලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂන ආයතනය පවසයි.

එම ආයතනයේ සංඛ්‍යාන දත්ත නිලධාරි ජේ.සී.කේ.ඩී ලයනල් මහතා සඳහන් කලේ මේ වන විට මහකන්නයේ අස්වැන්න සියයට 40ක් 50ක් පමණ වෙළඳ පොලට ලැබී අවසන් බවයි.

මේ හේතුවෙන් උඩරට එළවළුවල මිල ඉදිරි සති දෙකක කාලය තුළ ඉහල යා හැකි බව colombogazzetsinhala කළ විමසීමේදි ජේ.සී.කේ.ඩී ලයනල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නමුත් පසුගිය මාසයට සාපේක්ෂව මේ මාසයේ පහතරට එළවළුවල මිල පහත වැටි ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂන ආයතනය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here