Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආණ්ඩු පක්‍ෂයේ අධි තක්සේරුව නිසා විපක්‍ෂය ස්වයං වින්දනය වින්ද හැටි මුජුබර් කියයි

විපක්ෂය ඊයේ හැංගි මුත්තම් සෙල්ලම කර සෑහෙන කාලයට පසු ස්වයං වින්දනයේ යෙදුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසයි.

අයවැය අවසන් ජන්ද විමසීම පැවැත්වෙන එළඹෙන අප්‍රේල් 05 වැනිදා හැකිනම් මේ හයිය පෙන්වන ලෙසයි රහුමාන් මහතා කියා සිටියේ. ඊයේ පාර්ලිමේන්තුවේ වැය ශිර්ෂ දෙකක් පරාජය වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අලසකම සහ අධිතක්සේරුව නිසා යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අයවැය විවාදය අවසන් වන තුරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටිය යුතු බවට දැනුම් දී තිබියදීත් මන්ත්‍රීවරු ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ බවත් මන්ත්‍රී වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: