Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුෂ් අධිකරණයට යද්දී තවත් ලෝක හොරෙක් මාට්ටු

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් යළි ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මදූෂ් සමග අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් ‘කංජිපානි ඉම්රාන්’ වෙන රටකට පැනීමට සිටියදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් අතට හසු වී ඇත.

කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඔහු මාලදිවයින බලා පිටත්ව යෑමට උත්සහ කිරීමේදී සී අයි ඩී ය මෙලෙස ඔහුව සිය භාරයට ගෙන තිබේ. මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කෙරේ.

මීට පෙර අවස්ථා 02ක දී ද මදූෂ් ඇතුළු පිරිස ඩුබායිහි අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එම සැකකරුවන් දැනට ඩුබායිහි සිර මැදිරියක රඳවා සිටිති. ඔවුන්ට බාහිර පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම තහනම් කර ඇති බවත් පැවසෙනවා.

මේ අතර මාකදූරේ මදූෂ් ඇතුළු පිරිස සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායක නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ඊයේ (27) මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් සිය භාරයට ගෙන ප‍්‍රශ්න කිරීම්වලින් පසු ගායක නදීමාල් පෙරේරා මුදා හැරුණු අතර හිටපු බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දීමෙන් පසුව එහිදී සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකාර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: