මතින් තොර රටකට ජාතියම දිවුරුම් දෙන බක්මහ දිවුරුම


දරුණු ව්‍යසනයක් බඳුව පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම, වැටලීම් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මත පමණක් පාලනය කළ නොහැකි තත්ත්වකට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි .

පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් මෙය පිටුදැකීමේ කාලය එළැඹ ඇති බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියි .

ඒ සඳහා ප්‍රවේශය සනිටුහන් කරමින්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිවාරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා සිදු කෙරෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දිවුරුම පිළිබඳ රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු ක්ෂේත්‍ර දැනුවත් කිරීම වෙනුවෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හමුව අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here