බදුම්කරේ මෙගා නාට්‍යක්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කෙරෙන්නේ මෙගා ටෙලි නාට්‍යයක් ආකාරයෙන් බවට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදූනිල් මහතා චෝදනා කරයි.

මෙහි පළමු කොටස ලෙස අර්ජුන් ඇලෝශියස් මහතා සහ තවත් අයෙක් අත් අඩංගුවට ගත් බවත් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නිදහස් කිරීමෙන් පළමු පරිච්ඡේදය අවසන් කෙරුණු බවත් ඒ මහත් පෙන්වා දුන්නේය.

දැන් තවත් පස් දෙනෙකු අත් අඩංගුවට ගනිමින් දෙවන පරිච්ඡේදය සඳහා නළුවන් බඳවාගෙන ඇති බව පැවසූ ඒ මහතා මෙහි අවසන් නළුවා ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව අත් අඩංගුවට ගනු ඇතැයි ප්‍රකාශ කළේය.

එහෙයින් නාටක වශයෙන්, කොටස් වශයෙන්, පරිච්ඡේද වශයෙන් මෙය රඟ දක්වන අතරේ තම පාර්ශ්වයට චෝදනා එල්ල කරමින් ආප්පයක්, රොටියක් ලෙස වඩ වඩා නොසිට වහාම මේ සම්බන්ධ සියළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් ද ඉල්ලා සිටින බවයි තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here