Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පලාත්සභා මැතිවරණය කඩිනමින් පැවත්විය යුතු බව මන්ත්‍රී සම්බන්ධන් කියයි


හැකිතාක් ඉක්මනින් පළාත්සභා මැතිවරණය පැවැත්වීම ස්ථාවරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි .

මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතු බවත් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය

පලාත් සභා ක්‍රමය පලමු වරට බලය බෙදීම 13 වැනි සංශෝධනය යටතේ සිදු වු බව සහ ඒකීය නොබෙදුණු රටක් ලෙස ස්වෛරීත්වය අරක්ෂා කර ගනිමින් තමන්ට රට ගැන අයිතියක් හැගීම දැනවෙන ලෙස  කටයුතු කිරිමට මෙමගින් හැකිවු බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

හැකිතාක් ඉක්මනින් පළාත්සභාමැතිවරණය පැවැත්වීමයි ස්ථාවරය බවත් එවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන බවද ඔහු පැවසීය.

අපි සියලු දෙනාගේම යහපත වෙනුවෙන් මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවද යුක්තිය සාමය හා සමානාත්මතාවය පදනම් කරගෙන වැඩකරනවානම් සුළු ප්‍රශ්න විසඳාගත හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් .සම්බන්ධන් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: