Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නොරෝච්චෝවල චීනෙන් විසික් කල එකක්. සැලසුමක් නැතිකමින් වෙන විපාක ගැන දුමින්දගෙන්

ශ්‍රීලනිපය මහ ගෙදර හෙයින් ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක ශ්‍රීලනිපයට පිලි ගන්නා බවත් ගොටභය රාජපක්ෂ මහතා හෝ රාජපක්‍ෂලා සමග කිසිදු පුද්ගලික ගැටළුවක් නොමැති වුවත් ප්‍රතිපත්තිමය කාරණා හමුවේ විවේචන කරන බව ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. අප කල සජීවී සංවාදයේදී ඔහු පැවසුවේ තම ජනාධිපති අපේක්ෂාව මෛත්‍රිපාල සිරිසේන මහතා බවය. එසේ නොවුණහොත් තව ඕනෑ තරම් අපේක්‍ෂකයන් ශ්‍රීලනිපයේ සිටින බව කියන ඔහු වැඩි දුරටත් පවසයි.

එම සංවාදය මෙසේයි.  

ඔබව කාලයක් දැක්කේ නැහැ. ඇයි නිහඩ වුණේ ? කලකිරීමක් නිසාද ?

දේශපාලනය ගැන කලකිරිඅක් නැහැ. නමුත් පහුගිය කාලේ සිද්ධ වුණු සමහර සිදුවීම් සමග ටික දවසක් බලන් ඉන්න ඕන කියලා හිතුණා.

දේශපාලන ආර්ථික ගැටළුත් එක්ක අපිට අද කළුවරෙත් ඉන්න වෙලා. හැමදාම පායන කාලෙට වහින කාලෙට එකා දේවල් අපි කියෝනව. මේ රට එකම තැන කියලා නේද මේ කියන්නේ ?

අපිට සැලැස්මක් නොමැතිකම නිසයි මේ ප්‍රශ්ණ . මේ රටේ මොනාහරි වුණාම බයින්නෙ ඇමතිට.

අද අපි කළුවරේ ඉන්නේ චීන වියපෘති වල තිබෙන අසාර්ථකත්වය නිසාද ?

නොරොච්චෝලේ අක්‍රියතා ගැන කතා කළොත් චීනෙන් ගලෝලා ඉවත් කල එකක් මෙහෙම අපිට දීලා කියලා රාවයක් තියෙනවා. මේ වගේ කතා කිහිපයක් තිබුනත් අපි ඇත්ත හරියටම දන්නෙත් නැහැ. කොහොම වුණත් මෙතන තියෙන්නේ සැලසුම් වල ප්‍රශ්ණයක්. එකම ප්‍රශ්නේ මඩේ හොද හොදා දාන්න අවශ්‍ය නැහැනේ. ඉදිරි විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් මොනාද කල යුතු කියන දේට අද යන්න වෙනවා. එවිට සමහර නීතිරීති වෙනස් කරන්න සිද්ධ වේවි. සැලසුම් කරන පිරිසට කවුරුත් ඇගිල්ලක් දික් කරන්නේ නැහැ. සේවය ගන්නත් සේවය කරන්නේ නැත්නම් ඒ අය වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන.

අනෙක් මූලිකම කාරණය ජාතික ආණ්ඩු සංකල්පය. නැවත්ත ඔබල එජාපය සමග සංධාන ගත වනවාද ?

තවම එවැන්නක් සම්බන්දයෙන්  නිල වශයෙන් සාකච්චා නැහැ

එතකොට ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ ඒකාබද්ද වීමේ සාකච්චා ?

ඔව් සාකච්චා කරමින් ඉන්නවා. මුලික සාකච්චා වට කිහිපයක් සිදු කර අවසන්. තවම ඒවා අවසන් නැති නිසා අවසන් ප්‍රථිපලයක් ගැන කිව නොහැකියි

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ එකතු වෙනවද ? හරියට දෙයක් කියන්න බැරිද ?

මේ පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ශ්‍රීලනිපයේ කිසි විරුද්ධත්වයක් නැහැ. පොදුජන පෙරමුණ කියන හැමෝමත් ශ්‍රීලනිපයේ කට්ටිය. මහින්ද අගමැති වීමත් සමග අපි බලාපොරොත්තු වුණා සියළු දෙන ශ්‍රීලනිපයට එයි කියලා. නමුත් සිදු වුණේ  ඔවුන් පොදුජන සාමාජික කාඩ් පත ගැනීම. කාඩ් ගත්තේ නැහැ කිවුවත් අපු නම් ඒ කාඩ් පත් දැක්කා.

එහෙනම් ඇයි එකතු වෙන්නේ නැතුව මත ගැටුම් එක්ක ඉන්නේ ?

මත ගැටුම් නැහැම කියන්න බැහැ. නමුත් ශ්‍රීලනිපය කියන්නේ මහ ගෙදර. මහ ගෙදරින් ඕනෑම කෙනෙක් තරහා වෙලා යන්න පුළුවන්. නමුත් මහ ගෙදර කවදාවත් එහෙම අමනාපකම් තියා ගෙන ඉන්නේ නැහැ. මහ ගෙදරට නැවත එන්න එසේ එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා වගේම පැමිණෙන හැමෝම පිලිගන්නවා.

නමුත් පොදුජන පෙරමුණ කියන්නේ ඔවුන්ගේ තීරණ තමයි අවසන් තීරණේ කියලා ?

සමහර කණ්ඩායම් ඉන්නවා ඒ අයට මේ එකතු වීම ප්‍රශ්නයක්. ඒ මෙලෙස මෙම පක්‍ෂ දෙක එකතු වීම තුල ඔවුන්ට ඔවුන්ගේ තැන අහිමි වෙන නිසා

දැන් කවුද ඉරිදී ජනාධිපති අපේක්‍ෂකයා ?

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුයි. වත්මන් ජනාධිපති බැහැ කිවුවොත් ඕනෑ තරම් දෙවන නම් තියෙනවා.

නමුත් පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම එළියට ඇවිල්ලා ඉවරයි. ඇයි ඔහුව පිලි ගන්නේ නැත්තේ ?

ගෝඨාභය මහතා සමග පුද්ගලික විවේචන නැහැ. මම ගරු කරනවා. නමුත් ඔහු ජනාධිපති විය යුතුයි කියන දේ මම විස්වාස කරන්නේ නැහැ. ඔහු කල හොද තියෙනවා. එතුමාට අපේ පක්ෂෙන් එවකට ආ චෝදනා තියෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැහැ. දැන් ගෝඨාභය මහත්තයා කරපු සියළු දේ කලේ තමන්ගේ සහෝදරයා ජනාධිපතිව සිටියදී. ඒවගේම අනෙක් සහෝදරයා රටෙන් බාගයක් පාලනය කරනකොට. ඔහු විනයක් ගැන කතා කලාට සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන්න නැහැ. ඔහු හමුදාව පාවිච්චි කරලා කල දේට ගරු කරනවා.

මේ රටේ නායකයා විය යුතු ඉවසීමක් ඇති, රටට ආදරේ, වචනෙන් එහාට ගිහින් දෙයක් කල හැකි කෙනෙක්  ඒ වගේම දැඩි වෙන්නත් ඕන නමුත් පපුවේ තෙතමනයක් තියෙන්නත් ඕන.

පොදුජන පෙරමුණෙන් පවසන්නේ ශ්‍රීලනිපය ඔවුන්ගේ මතය පිළිගත යුතු බවට ?

ඇයි ඒ ? අනෙක් පක්‍ෂ වගේම තමයි ශ්‍රීලනිපය විදියට අපිටත් අපේ අදහසක් තියෙනවා. අපිට වෙන අයගේ අදහස් පිලි ගන්නට අවශ්‍ය නැහැ. සිතුවිලි වලින් අද වැඩක් නැහැ. අවශ්‍ය ඒ දේවල් යථාර්තයක් කරලීම.

ගෝඨාභය , මෛත්‍රී නම් අරුණු කොට ඔබේ යෝජනාව වෙන කාටද ?

වත්මන් ජනපති තමයි සුදුසුම. ඔහු පසුගිය වර 3ත් මේ වසරත් බලනකොට දැඩි වෙනසක් තියෙනවා. ඕනෑම කෙනෙක්ට අවස්ථාවක් දිය යුතුයි. තව වසර 5ක් දීලා බලමු

ඇයි තරුණ නායකයෙක් එළියට එන්න නැත්තේ ?

අපේ රටේ ඉතිහාසය එක්ක බලනකොට ඔය සිසට්ම චේන්ජ් එක කරන්න අමාරුයි. එවන් අවස්ථාවක් අවොත් මම පුද්ගලිකව සතුටු වෙනවා.

හරි එතකොටත් එහෙම තරුණ නමක් පොදුජන පෙරමුණේ අවොත්?

අනිවාර්යෙන් ඔහු හෝ ඇය ශ්‍රීලනිපයේ මහ ගෙදරට එකතු විය යුතුයි.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බිහි කරන්න යන නව සංධානයට ප්‍රමුඛත්වය දෙන්නේ ඔබලු. ඇත්තද ?

නැහැ. රටේ මාධ්‍ය වැරදි පුවත් පසුපස යනවා අන්තිමට ඒවායේ හරයක් නැහැ. මේකත් ඒ වගේ වැරදි ප්‍රචාරණ මඩක්. මෙහෙමයි සමහර වේලට අපිට තියෙන කැක්කුමට අපි කණගාටුවට දෙයක් කියන්නේ පක්ෂෙ දාලා යන්නවත් පක්ෂෙ කඩන්නවත් නෙමෙයි. එහෙයියෝ වෙන්න නැහැ. මම නම් කතා කරනවා ඒවා එක්ක සමහරු ඔය වගේ කතා හදනවා.

 

  • AS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: