නදීමාල්ගෙන් CID යට විස්තර

තමන් සහභාගී වන්නේ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සාදයකට බව පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි සාදයට සහභාගී වීමට පෙර තමන් දැන සිටි බව නදිමාල් පෙරේරා සී අයි ඩි නිලධාරීන්ට පවසා ඇතැයි වාර්තා වේ.

තම පියා වන ගායන ශිල්පී අමල් පෙරේරා ඒ බව තමන්ට දැනුවත් කලේ යයිද නදිමාල් පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.

මෙලෙස ඔවුන්ට ගුවන් ටිකට් පත් සියල්ල ලබා දී ඇත්තේද එම පාර්ශවයෙන් බව කියවේ. එමෙන්ම ඔහුව මෙරටට නෙරපපු අවස්ථාවේදීද නදිමාල් පෙරේරාට මෙරටට ඒමට ගුවන් ටිකට් පත ලබා දී ඇත්තේ ද ඩුබායිහි සිටින මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිද යයිද සදහන් වේ.

තම පියා වන ගායන ශිල්පී අමල් පෙරේරා ඒ බව තමන්ට දැනුවත් කලේ යයි නදිමාල් පෙරේරා ප‍්‍රකාශ කර තිබේ.

මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරද්දී ඔහු මේ බව හෙලි කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here