Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහයක් නැහැ. චෝදනා ජනපති ප්‍රතික්ෂේප කරයි

පසුගිය 25 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් වුණු යෝජනාවලියට ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා අත්සන් තබා ඇත්තේ තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව බවත් තමන් ඊට විරෝධය පළ කරනවා මෙන්ම එය ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තවත් වසර දෙකක කාලයකින් ජිනීවා යෝජනා ඉටු කරන බවට පොරොන්දු වෙමින් එසේ අත්සන් තැබීම සම්බන්ධයෙන් තමන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දැනුවත්ව නොසිටි බවත් තමන් සමඟ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ නොපැවැත්වුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම විදෙස් රටවල් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ රටේ ජනාධිපතිවරයා ලෙස තමන්ට මිස වෙනත් කිසිවකුට නොවන බවත් සිරිසේන මහතා අවධාරණය කළේය.

උතුරේ ඉඩම් නිදහස් කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ යෝජනාවෙහි සඳහන්ව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා මීට හේතුවී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබාදී ඇති වැරදි තොරතුරු බවත් තමන් එසේ කිසිදු ස්වාධීන කොමිසමක් පත් නොකරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන කිසිවක් නොකරන බවත් තරයේ ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: