ජනපති සටනට ජවිපෙන් අපේක්‍ෂකයෙක්

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති ‍පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජවිපෙ පවසයි.

ශ්‍රී ලංකාව තුළ නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, එයට හේතුව වන්නේ මෙතෙක් බිහි වු සහ පත්ව සිටින සියලූම දෙනා විධායකය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී ඇති බව ජවිපෙ පක්‍ෂ ලේකම් කියයි.

මීළඟ ජනාධිපතිවරණය තෙක් 20 වන සශෝධනය සම්මත කර ගැනීමට බලාපොරොත්තු නොවන බවත්, දේශපාලන පක්ෂ මෙයට එකඟත්වය ලබා නොදෙන්නේ නම් හෝ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කිරීමට පොදු ජනතාව නියෝජනය කරන පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය

20 සංශෝධනය මාර්තු මාසය තුළ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තුළට ඇතුළු වී ඇති බව ද සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා, ජනමත විචාරණයකින් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් මෙය සම්මත කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇති බව ද පැවසීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here