Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජනපතිට හොරෙන් රට පවා දීලා. උදය කියන කතාව

ජිනීවා යෝජනා සම්බන්දයෙන් අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ වත්මන් නායකයින් එ සම්බන්දයෙන් කොන්ද කෙළින් තබා ගෙන සිටිය යුතු බවයි.

ඒ සම්බන්දයෙන් වැඩි දුර අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ලංකාවෙන් අපූරු ලෝක වාර්තාවක්

අපිට හොරෙන් අපේ ජාතියේ ඉරණම තීරණය වන දෙයක් අපිට පිටින් ජිනීවා නුවර දී අවසන් වුණා. කිසිම ඡන්ද විමසීමකින් තොරව ලෝක ප්‍රජාවගේ ඒකත්ඡන්දයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වුණා ජිනීවා නුවර මානව හිමිකම් සභාවේ දී. මොකක්ද අපිට උනේ? ඇමරිකාව හිරකරපු මර උගුලෙන් එළියට එන විටම බෙදුම්වාදීන් එංගලන්තයත් එක්ක එකතුවෙලා අලුත් මර උගුලක ශ්‍රී ලංකාව හිරකරන්න කටයුතු කළා. මානව හිමිකම් සභාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලට එරෙහිව යෝජනා එන එක අලුත් දෙයක් නෙවෙයි. ඊශ්‍රායලයට එරෙහිව පමණක් යෝජනා 128ක් පමණ ඇවිල්ල තියෙනවා. මානව හිමිකම් සභාවෙ විතරක් ඊශ්‍රායලයට එරෙහිව යෝජනා තිස්තුනක් සම්මත වෙලා තියෙනවා. හැබැයි ඊශ්‍රායලය මොකද කරන්නේ. උඹලා යුද අපරාධ කරා කියල කිව්වම ඒක සැබැයි කියලා ඔලුව වනල පිළිගන්නෙ නෑ. තමන්ගේ පැත්තෙන් නිදහසට කරුණු දක්වනවා. යෝජනාවට විරුද්ධ වෙනවා. ඒ නිසා යෝජනාව ක්‍රියාත්මක කරන්න ඒ රට බැඳිලා නෑ. ක්‍රියාත්මක කළා ද කියලා කවුරුවත් ප්‍රගතිය අහන්න එන්නෙත් නෑ. හැබැයි ශ්‍රී ලංකාව කලේ වෙනම දෙයක් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ රටට එරෙහිව ගෙනාපු යෝජනාවට ඒ් රට ම සම අනුග්‍රහය දක්වනවා. මෙන්න බොලේ ලංකාව ලෝක වාර්තාවක් තිබ්බා. අපේ කට්ටිය ඉතින් ලෝක වාර්තාවක් තිබ්බොත් තියෙන්නෙ ඔය වගේ දෙයකට තමයි.

අපි දන්නවා මේ දෙමළ බෙදුම්වාදීන් පහුගිය ජනාධිපතිවරණ කාලයේ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. සල්ලි වලින්ද චන්ද වලින්ද හැම පැත්තෙන්ම සහය ලබා දුන්නා. මේ ගෝලීය දෙමළ සංසදයේ නායකයෙක් ඉන්නවා සුරේන් සුරේන්ද්‍රන් කියලා. එයත් එක්ක එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගනුදෙනුව කරන්නේ මංගල සමරවීර ඇමතිතුමා. දෙන්නම රතු වයින් බොන්න හරි ආසයි. දෙන්නම කියුබානු සුරුට්ටු‍ බොන්නත් ආසයි. දැන් එංගලන්තේ ගියාම මංගල සමරවීර මහත්තයා මේ සුරේන් සුරේන්ද්‍රන්ව හම්බෙනවා. දෙන්න පොඩි වයින් අඩියක් ගහලා රෑ කෑම කාලා සුරුට්ටු උරමින් කතා කර කර ඉන්නවා. ඒ අතරේ සුරේන් සුරේන්ද්‍රන් කියන්න ඇති ඔන්න අපි උඹලගෙ ජනාධිපතිවරණයත් දිනවල දුන්නා පාර්ලිමේන්තු මැතිවරණයක් දිනවල දුන්නා දැන් කළගුණ සලකන්නේ නැද්ද මල්ලි කියලා. මංගල අයියත් අහන්නැති කොහොමද මොකක්ද වෙන්න ඕන කියලා. අපි ඇමරිකාවට කියලා යෝජනාවක් ගේනවා ජිනීවාවලදී. ඒකට සම අනුග්‍රහය දෙනවා කියලා පොඩි අස්සනක් ගහන්න තියෙන්නෙ. නිකන් තියෙන අස්සනනේ ඔන්න ඔහේ ගහලා දාන්න කියලා.

සුද්ද පොලිස් සහ සුද්දා නීතිපති

මංගල ඉතිං යමක් කමක් තේරෙන මිනිහෙක් නෙවෙයිනේ. උඩ පැනලා බිම පෙරලිලා හා කිව්වා. අන්තිමට 2015 ඔක්තෝම්බර් මාසේ පළවෙනිදා ඇමෙරිකාව ගෙනාවා යෝජනාව. මොකක්ද මේක කියන්නේ. ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇත. අහිංසක සාමාන්‍ය ජනතාව හතළිස් දාහක් ඝාතනය කර ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධයෙන් දඬුවම් කළ යුතුය. ලංකාවේ අධිකරණය විශ්වාස නැත. ඒ නිසා විදේශීය විනිශ්චයකරුවන් ගෙන ආ යුතුය. විදේශීය විමර්ශකයින් ගෙන ආ යුතුය. විදේශීය විමර්ශකයින් කියන්නේ පිට රට සුද්දෝ ඇවිල්ලා ලංකාවේ පොලිසිය වගේ ගිහිල්ලා යුද අපරාධ කරපු අය අල්ලන එකට. ඒ කියන්නේ සුද්දා පොලිස් ලංකාවට ගෙන එන එකයි. ඒ විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අයට කියන්නේ අභිචෝදකයා කියලා. නඩුව මෙහෙයවන කට්ටියත. ලංකාවේ නීතිපති විශ්වාස නැත. ඒ නිසා සුද්දා නීතිපති කෙනෙක් ගෙනැල්ල ඒ වැඩෙත් කරන්න ඕන. ඒ විදියට කටයුතු කරන්න තමයි ඔය යෝජනාවේ තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි මියගිය කොටියට අනේ සොරි අනේ කියලා වන්දි ගෙවන්න කියලා අපිට යෝජනාවෙන් කියලා තියෙනවා. ත්‍රස්තවාදය පරාජය කරන්න ගෙනාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා මේ යෝජනාවේ කියලා තියෙනවා. මේ ඔක්කොටම වඩා මේ පුංචි රට තවත් රටවල් 10 ක ට කඩා වෙන් කරන පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කළ යුතුයි කියලා තියෙනවා. මංගල ඇමතිට මේ ගැන වගේ වගක් නෑ. කියෙව්වට තේරෙන්නෙත් නෑ. ගිහිල්ලා සම අනුග්‍රාහකත්වය දැක්වූවා.

මිත්‍රවරුනි සාමාන්‍යයෙන් යෝජනාවකට පක්ෂව ඡන්ද දෙනවා කියන්නේ ඒ යෝජනාව කරන්න එකඟ වෙනවා කියන එකයි. තමන්ගේ රටට එරෙහිව ගෙන එන යෝජනාවකට කිසිම රටක් පක්ෂව ඡන්ද දීලා නෑ. සම අනුග්‍රහය දක්වනවා කියන්නේ ඊටත් පියවරක් ඉස්සරහට ගිහිල්ලා මේ යෝජනාව හරිම ඉහලින් අපි පිළිගන්නවා අනිත් අයත් මේ යෝජනාවට පක්ෂය වෙන්න කියලා කරන ඉල්ලීමක්. ඡන්දය විමසන කලින් තමයි සම අනුග්‍රහය දක්වන්නේ. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වපු නිසා. මේ යෝජනාවට විරුද්ධව හිටපු චීනයට විරුද්ධ වෙන්න බැරි උණා. රුසියාවට විරුද්ධ වෙන්න බැරි උණා. පාකිස්තානයට විරුද්ධ වෙන්න බැරි උණා. මැදපෙරදිග ලතින් ඇමරිකාවේ අප්‍රිකාවේ සාතිශය බහුතරයක් රටවලට මේකට විරුද්ධ වෙන්න බැරි උණා. අඩුම ගානේ ඉන්දියාවත් මේ යෝජනා වලට කැමැත්ත පළ කළේ නෑ. ඉන්දියාව නැගිටලා කිව්වේ රටක් ඉලක්ක කරගත් යෝජනා වලට අපි විරුද්ධයි කියලා. හැබැයි කරන්න දෙයක් නෑ. ලංකාව සම අනුග්‍රහය දක්වනවා නම් අනෙක් රටවලට විරුද්ධ වෙන්න බෑ. ඒකත්ඡන්දයෙන් යෝජනාව සම්මත වුණා. ඒක නිසා තමයි අපේ රටට සැරින් සැරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇවිල්ලා කෝ පෙඩරල් ව්‍යවස්ථාව රණවිරුවන් ඇතුලට දැම්ම ද, ශවේන්ද්‍රටට මොකද කරේ, ජගත් ජයසූරිය ට මොකද කළේ, අද්මිරාල් කරන්නාගොඩ තවම එළියෙ ඇයි යනාදී වශයෙන් ප්‍රශ්න කළේ.

බෙදුම්වාදීන් අපට ඉදිරියෙන්

ලංකාවේ වාසනාවට හරි අපූරු වැඩක් වුණා. ඒ තමයි මේ යෝජනාව ගෙනාපු ඇමරිකාවම මානව හිමිකම් සභාව කියන්නේ දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහි අසූචි වලක් මේකෙ ලැගල ඉන්න අපිට ලැජ්ජයි කියලා මානව හිමිකම් සභාවෙන් අයින් වෙලා ගියා. ඔන්න ලංකාවට මසුරන් අවස්ථාවක්. ඇමරිකාව කියන්නෙ ඇත්තයි ඒ අයත් කියනවනම් මේක පක්ෂග්‍රාහී තැනක් කියලා මේ යෝජනාවේ තවදුරටත් අපි ඉන්න නෑ අපිත් යනවා කියල යෝජනාවෙන් ඉවත් වෙන්න ලංකාවටත් තිබ්බා. දැන් බලන්න කොටියට වෙච්ච දේ. ලෝකයේ ලොකුම බලවතා දෙමළ බෙදුම්වාදීන්ව අතහැර දලා මානව හිමිකම් සභාවෙන් ගියා. බෙදුම්වාදීන් හා සැලුනද ? බෙදුම්වාදීන් ඇඬුවද? ඔවුන් මොකද කළේ ? ඇමරිකාව දාලා ගිය ගමන් එංගලන්තයට කිව්වා මාර වැඩේ ඔයාලවත් යෝජනාවක් ගේන්න. නැත්තං අපි තනි වෙනවා කියලා. එංගලන්තයේ ලවා මේ පාර යෝජනාවක් ගෙනාවා. අපිට වඩා ගොඩක් ඉස්සරහින් බෙදුම්වාදීන් ඉන්නේ.

ජනපතිටත් හොරෙන් රට පාවා දෙයි ?

හැබැයි ලංකාවට තිබුණා 2015 කරපු මෝඩ වැඩ යළි නොකර ඉන්න. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ජනාධිපතිතුමා හම්බුනා. අපි ඉල්ලීමක් කරා ජනාධිපතිතුමනි 2015 නොදන්නකමට මහ රෑ වැටුණු වලට මෙන්න බොලේ පනින්න හදනවා. මෙන්න මේක නතර කරලා දෙන්න කියලා. ජනාධිපතිතුමා අපිට කිව්ව කතාව මොකක්ද කියලා දන්නවද ? ඒක ඇහුවට පස්සෙ හීන් දාඩිය දැම්මා. ජනාධිපතිතුමා කියනවා සම අනුග්‍රහය දක්වන එක දැන් නතර කරන්න බෑ. මොකද වෙලා තියෙන්නේ මටත් හොරෙන් විදේශ ඇමතිටත් හොරෙන් අපේ ආණ්ඩුව සම අනුග්‍රහය දක්වා ඉවරයි. අපේ ජිනීවාවල ඉන්න තානාපති මේ වන විටත් සම අනුග්‍රහය දක්වා අත්සන් කරලා ඉවරයි. අපි ඇහුවා ඒ කොහොමද එහෙම වෙන්නේ ජනාධිපතිතුමනි කියලා. විදේශ ඇමති දන්නේ නැහැ. මම දන්නෙත් නෑ. අගමැතියි මංගලයි කතා කරලා ජිනීවාවල ඉන්න අපේ නියෝජිතයට කියලා තියෙනවා උඹ ගිහින් අස්සන් කරපන් කියලා. මේ යෝදය ගිහිල්ලා අත්සන් කරලා ඇවිල්ලා. රටේ විෂය භාර ඇමතිවරයා දන්නෙ නැතුව රටේ රාජ්‍ය නායකයා දන්නෙ නැතිව රට පාවාදීමට ජිනීවාවල ඉන්න නියෝජිතයා අත්සන් කරලා.

අද අපි තවත් වසර දෙකකට ජාත්‍යන්තර ප්‍රජාව ගේ අධීක්ෂණයට යටත් වෙලා. තවත් මර උගුලකට අහුවෙලා හැබැයි මංගල සමරවීර වගේ නෙවෙයි රවි කරුණානායක වගේ නෙවෙයි තිලක් මාරපන ඇමතිතුමාට කොන්ද පණ තිබුණා ජිනීවා වල ලෝක බලවතුන් ඉදිරියේ කියන්න විදේශීය විනිසුරුවන් අපේ රටට ගේන්න දෙන්න බැහැ කියලා. එතුමා ඒ සිංහනාදය කළා. නමුත් වැඩක් නෑ එතුමා යන්න කලින් ගෝලයෝ ගිහිල්ලා අත්සන ගහලා ඉවරයි. මාරපන ඇමති තුමාගේ කතාව ඇහිලා දෙමළ බෙදුම්වාදීන් කුපිත වුණා. තමුන්නාන්සේලා රූපවාහිනියෙන් දකින්න ඇති සිවාජිලිංගම් මොකද කිව්වේ. මේ යෝජනා ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් විදේශීය විනිසුරුවන් ගෙන්නේ නැත්නම් අපි ලංකාව තුනට හතරට කඩනවා කියලා කැඩිච්ච සිංහලෙන් කිව්වා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාව කෑලි කඩන්න කවුරු හරි කතා කරනවා නම් දඬුවම් ලැබිය හැකි වරදක්. හරිනම් මේ රටේ කොන්ද පණ තියෙන ආණ්ඩුවක් තියෙනවා නම් ගුවන් යානයෙන් ලංකාවට එනකොට ම සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්ඩ ඕන. නීතිපතිවරයාට කොන්දක් තියෙනවා නම් ඔහුට එරෙහිව නඩු දාලා ඔහුට දේශපාලනය කරන එක තහනම් කරන්න පුළුවන්. සියලුම දේපළ රාජසන්තක කරන්න පුළුවන්. නීතිය තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. මොකද සිවාජිලිංගම් දැක්කම අපේ ලොක්කෝ ගැහෙනවා. ගිය සිකුරාදා මමත් පාර්ලිමේන්තුවේ ඉන්න අතරේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා නැතිනම් රටේ සැබෑ අගමැතිතුමා මොකද කියන්නේ. මම එහෙම එතුමාට අගමැති කිව්වේ නමට ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහතා හිටියත් රට කරවන්නේ සුමන්දිරන් මන්ත්‍රිතුමයි. එතුමා මොකද කියන්නේ. විදේශීය විනිසුරුවන් ගෙන්නේ නැත්නම් අන්තර්ජාතික යුද අපරාධ විනිශ්චය සභාවක් හදලා ලංකාවට දඬුවම් කරවනවා කියලා. අපේ රටේ මහජන මුදලින් නඩත්තුවෙන පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්දිරන් පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා කිසිම බයක් නැතිව කියනවා ලංකාවට දඬුවම් කරවනවා කියලා ජාත්‍යන්තරය ලවා. මිත්‍රවරුනි දේශද්‍රෝත්වයට ජාතිද්‍රෝහිත්වය ට සුමන්දිරන් ට හරිනම් නඩු පැවරිය යුතුයි. සුමන්දිරන් නීතියට බය නෑ. සිවාජිලිංගම් නීතියට බය නෑ. රට කෑලි කෑලි වලට කඩනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වත් කොටියා නැගිට්ටවන්න ඕන කිව්ව විජයකලා ට මුකුත් උනේ නෑ වගේම අපිට මොකුත් වෙන්නේ නෑ කියලා සුමන්දිරන්ලා සිවාජිලිංගම්ලා දන්න නිසා තමයි මෙහෙම කෑගහන්නෙ.

රනිල්ගේ නැන්දලා මාමලා රට බාර දෙන්න හදන්නේ කාටද?

ඒක නිසා මිත්‍රවරුනේ අද අපි අසරණයි. අද අපේ රට යටත් විජිතයක්. සුද්දා මේ පාරේ යන නැති වුණාට සුද්දෙක් ආණ්ඩුකාරවරයෙක් විදිහට හිටිය නැති වුණාට අපි අද බටහිර යටත් විජිතයක්. බටහිර ඉත්තන් ගැත්තන් විසින් පාලනය කරන රටක්. ඒ නිසා තමයි මේ රටේ ජනතාව අද ජාතිබේද පැත්තක තියලා ආගම් බේද පැත්තක තියලා පක්ෂය භේද පැත්තක තියලා එකහඬින් ගෝඨා අපිට ඕනා කියලා කියන්නේ. මිත්‍රවරුනේ අද මේ රටට කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ කියන එක පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාව පිළි අරගෙන ඉවරයි. අපි දන්න එක්සත් ජාතික පක්ෂයේ, මේ මහ බැංකු වංචාව කරාට පස්සේ අලියට කතිරෙ ගහපු අය, මේ රට මෙතරම් පාවාදීලා තියෙද්දිත් රණවිරුවන් හිරේ දාද්දිත් අලියට කතිරෙ ගහපු අය, අද අපිට කියනවා අපි හැමදාමත් කොල, කැපුවත් කොළ, පුලුවන්නං ගෝඨා අරන් එන්න අපි ලෑස්ති ගෝඨා මේ රටේ ජනාධිපති කරන්න කියලා.

අද එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නැන්දල මාමල කතා කරන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට රට බාර දීලා රට ගොඩ දාලා අපිත් ගොඩ යමු කියන කාරණය තමයි මිත්‍ර වරුනි. අපි ඒක ඉතාමත් ආඩම්බරයෙන් සිහිපත් කරන්න ඕන. අද ගෝඨ රැල්ලට පක්ෂ භේදයක් නෑ. ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. රටට ආදරය කරන සෑම මිනිසාගේ ම ප්‍රාර්ථනය ගෝඨාභය රාජපක්ෂ කියන එක අද අපිට බය නැතුව කියන්න පුළුවන්.

අපේ සිහිනය

මිත්‍රවරුනි අද අපේ ජනතාවට සිහිනයක් තියෙනවා. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබද්දී අපි ආසියාවේ දෙවනියට පොහොසත් රට. පෝසත්ම රට ජපානය. ඊළඟට ලංකාව. හැමදාම අනිත් රටවල සිහිනය වුනේ ලංකාව වගේ රටක් වෙන්න. 1965 දී සිංගප්පූරුව කියලා පුංචි දූපත මැලේසියාවෙන් අයින් කරලා වෙනම රටක් කෙරෙව්වා. බලහත්කාරයෙන් එලියට ඇදලා දැම්මා. මැලේසියාවේ බහුතරය මැලේ. සිංගප්පූරුවේ බහුතරය චීන. මේ මුඩුබිමත් එක්ක නුඹලා නැතිභංගස්ථාන වේවා කියලා වෙනම රටක් කළා. එදා සිංගප්පූරු ජනතාව මහා බයකින් ඉන්නවා. මාළු වාඩිය සහ ඉංගිරිසින්ගේ හමුදා කදවරු විතරයි සිංගප්පූරුවේ තියෙන්නෙ. ඒ මුඩු බිමේ පළතුරක් එළවළුවක් විතරක් නෙමෙයි මිත්‍රවරුනි තණකොළ ගහක් හැදෙන්නේ නෑ. එදා සිංගප්පූරුව වෙනම රටක් වෙලා සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ 1965 දී මහවැස්සක් මැද ජාතිය අමතනවා. මට තාම මතකයි ඒ ඡායාරූපය. තමන්ම කුඩය ඉහලගෙන ජාතිය අමතනවා. මොකක්ද ලී ක්වාන් යූ ජාතියෙන් කරපු ඉල්ලීම. මොකක්ද ලී ක්වාන් යූ ජාතියට දුන්නු ප්‍රතිඥාව. මට දශක දෙකක් දෙන්න මම සිංගප්පූරුව ලංකාවක් බවට පත් කරනවා කියන එකයි. එදා සිංගප්පූරුවේ සිහිනය ලංකාව වගේ වෙන්න. එරට අගමැතිතුමා ඉල්ලනවා දශක දෙකක් ඒ කියන්නේ වසර 20ක්. විස්සක් නෙවෙයි වසර 12ක් යද්දි ලංකාවට අලුත් නායකයෙක් එනවා. ඒ ජේ ආර් ජයවර්ධන මැතිතුමා. එතුමා දළදා මාලිගාවේ පත්තිරිප්පුව උඩ නැගලා ජාතිය අමතනවා එදා ලී ක්වාන් යූ ජාතිය අමතපු විදිහටම. මොකක්ද ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රතිඥාව. මාගේ සිහිනය ලංකාව සිංගප්පූරුවක් කිරීමයි. අවුරුදු 12ක් යද්දි අපිට ගව් ගානක් දුරින් හිටපු සිංගප්පූරුව අපිව පහු කරල ගව්ගානක් ඉස්සරහට ගිහිල්ලා. මෙන්න බොලේ ලංකා වගේ වෙන්න හදපු සිංගප්පූරුව අපිව පහු කරල ඉස්සරහට ගිහිල්ලා. දැන් ලංකාව කියනවා සිංගප්පූරුවක් වෙනවා කියලා.

මිත්‍රවරුනේ තමුන්නාන්සේලා දන්නවා කොළඹ නගරයේ පැල්පත් තියෙනවා. පැල්පත් වලට මොකක්ද කියන්නේ. කොරියාව කියලා. ඇයි කොරියාව කියලා කියන්නේ. හැටේ දශකයේ කොරියාවේ අගනුවර සොල් වල තියෙන්නේ පැල්පත් විතරයි. පැල්පත් වලින් පිරුණු රටක් හැබැයි. අද කොරියන් කාරයා දන්නවා නම් ලංකාවේ පැල්පත් වලට කොරියාව කියලා කියනවා කියලා අපිට අපහාසයට නඩුවක් දානවා. මම කොරියාවේ සෝල් නුවර ට ගියා. ජපානයේ ටෝකියෝ තරම්ම දියුණු නගරයක්. ලන්ඩන් පැරිස් පරදවන නවීන තාක්ෂණයෙන් පිරිපුන් නගරයක්. පැල්පත් පමණක් තිබුණු කොරියාව අද අපිට පහුකරලා ගව්ගානක් ගිහිල්ලා. අපි ඉතාම වේගයෙන් යනවා අඩියෙන් අඩිය ආපස්සට. හැමදාම රට පස්සට යනවා. අපේ රටේ ජනතාවට හීනයක් තියෙනවා මගෙ රට කවද ද දියුණු රටක් වෙන්නේ. දියුණු රටක් කරගන්න බැරි නිසා රට හදන්න හදලා වැඩක් නෑ අඩු ගානේ අපි වත් හැදෙනවා කියලා සමහර බෝට්ටුවෙ නැගලා ඉතාලියට යනවා. තවත් සමහරු බෝට්ටුවෙ නැගලා ඕස්ට්‍රේලියාවට යනවා. සමහරු පාස්පෝට් වෙනස් කරල කොරියාවට ජපානෙට පැනගන්නවා. සමහර අම්මලා තාත්තලා තමන්ට තියෙන එකම ඉඩම විකුණලා ලමයා එංගලන්තයට ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට ඉගෙන ගන්න යනවා. අපි ණය තුරුස් වල හිර වෙලා මැරුණත් කමක් නැහැ. මගේ දුවේ මාගේ පුතේ නුඹලා වත් ගොඩ පලයන් කියලා.

අන්තිම බස් එක

හැබැයි එහෙම අපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනේ මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා. එහෙමනම් මේ මව්බිම බේරගන්න ඕන කියලා හිතෙනව නම් අපේ දරුවන්ට රටක් ඉතුරු කර මැරෙන්න ඕන කියලා හිතෙනව නම් ජීවිතයේ සැඳෑ කාලය නිස්කලංකව සුන්දර රටක ජීවත් වෙන්න ඕන කියලා හිතෙනව නම් ඔබට මව්බිමේ නිදහස් අරගලය වෙනුවෙන් එකතු වෙන්න සිද්ධ වෙනවා.

මේ අපේ මව්බිම යලි යුදබිමට කැඳවන මොහොතක්. එදා අපේ තරුණයෝ උතුරට ගිහිල්ලා සටන් කරද්දී අපිට ඒ රණබිමට යන්න බැරි වුණා. අපිට දැන් රණබිමට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තවත් මාස 6කින් එළඹෙන ජනාධිපතිවරණයයි. මෙදා අපේ රණබිම ජනාධිපතිවරණ සටන් බිමයි. අපි තුවක්කුව අරන් නෙවෙයි එතෙන්ට යන්නේ. ආයුධ වලින් සන්නද්ධ වෙලා නෙවෙයි අපි එතෙන්ට යන්නේ. අපි දැනුමෙන් සන්නද්ධ වෙලා යන්නේ. මොකක්ද මේ රට වනසන කුමන්ත්‍රණය කියන කාරණය ගැන දැනුමෙන් සන්නද්ධ වෙලායි අපි එතැනට යන්නේ. මව්බිම වෙනුවෙන් එක්සිත්ව එක්සත්ව, රට වනසන වැඩබැරි හොරු පිරි දූෂිත පරගැති මේ ආණ්ඩුව ගෙදර යවන ජාතියේ නිදහස් අරගලය නොහොත් 2019 යේ ජනාධිපතිවරණය කියන ඒ මහා පිංකමට අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන්නාන්සේලා සියළු දෙනාටම අරාධනා කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.


Oracle 1Z0-144 Real Questions Answers

The very next Oracle Database 11g: Program with PL/SQL day of Thanksgiving, Oracle 1Z0-144 Real Questions Answers the four bearers whom Guan Wen recommended for him came to Zengfu. Xiaogang has put the doubt point one by one pointed out that until the adults with India, please be presented to the emperor, the king decides. After the surrender, Rewrite the one.Subsequently, both Oracle 1Z0-144 Real Questions Answers the left and the left Censor Shihua Shana I do not know from what channels smell the wind, but also immediately on the road, Participation in monitoring the censor music played by the wind played not real fold, put a pair of Zheng Zuchen justice look back. Zeng 1Z0-144 Real Questions Answers Guofan went to the prefect in front of the imperial edict to the front handed, said Oracle 1Z0-144 Real Questions Answers Fu http://www.passexamcert.com/1Z0-144.html Tai adults experience, no longer be a fake Tseng Kuo fan. Although these people do not serve in the Imperial Academy, they still have some weight when it comes Other Oracle Certification 1Z0-144 to speaking. Tseng Kuo fan said If this biography is poor, during the handling of Oracle 1Z0-144 Real Questions Answers the envoy, all the relatives and friends will be evasive.

Li Hongzhang no words, two big eyes turn around as if counting what.Quzi Liang at this Oracle 1Z0-144 Real Questions Answers time said adults should always think of some ways Caixing now head and face of the capital officials, which is not a variety of inputs The most bad, but also opened a paper shop, hiring people Oracle 1Z0-144 Real Questions Answers to operate, but also better than Oracle 1Z0-144 Real Questions Answers Reliance on salary and fortune, there is a real thing, do not let people see jokes. So, you go back and wait for this Oracle Database 11g: Program with PL/SQL official finished busy For a while, the deacon, the Other Oracle Certification 1Z0-144 supervision is also about Qi, we all agree on the hall to repair this matter. 1Z0-144 Real Questions Answers When the value of the eunuch came Have adults, slave people send you back to your house. A guards look like people come in.Master Wen surprised a moment, listening to the guards said The priest let my uncle immediately back to the house, the sedan chair has come. Wen Qing is responsible for all counties in Dongchang Prefecture, northwest of Jinan Prefecture, Linqing counties. Su Shun is now San Mogao title, is co organized undergraduate, Minister of Home Affairs Wen Qing under the.

The night of the night not only turns her from Oracle 1Z0-144 Real Questions Answers a girl into a woman, but also becomes a woman. Oracle 1Z0-144 Real Questions Answers At that time, in Haikou, you can see such a scene everywhere, as long as a white lime line Put a small flag and write on a 1Z0-144 Real Questions Answers certain real estate, it Other Oracle Certification 1Z0-144 will Oracle 1Z0-144 Real Questions Answers become a construction site. She felt a heartfelt relief when she saw a family because she had lived a Oracle Database 11g: Program with PL/SQL good life in the village and was no longer deceived. Zhong. It seems that they still met when they watched the boat in the hospital. After that, it s just two of you, When did the two go out to go out and ask me when I asked a half Oracle 1Z0-144 Real Questions Answers voice I didn t have a friend at the time. I don t know how many times I advise you not to be too infatuated, will you listen to me Tianchi helpless.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *