Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චම්පිකගේ වාහනයේ හැපුන සන්දීප්ට ජනපති පිහිට

දැනට වසර දෙකකට පමණ පෙර ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ හැපීම ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයා දීර්ඝ කාලීනව ප‍්‍රතිකාර කල යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.

ඒ ඔහුට කාලයක් එක්තැන්ව සිටින්නට සිදුවේ යැයි සදහන් කරමිනි. ඔහුගේ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

තම පුතා හැප්පුනේ ඇමති චම්පික රණවක විසින් පැදවූ වාහනයේම බවට ඇසිත් දුටු සාක්‍ෂි ඇතත් එය අධිකරණය හමුවේ ඔප්පු කර ගත නොහැකි වූ බව සන්දිප්ගේ දෙමාපියන් ජනපතිට පවසා ඇත. තමන් තම රෝගී දරුවාද සමගින් දැන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්වයකට බවත් ඔවුහු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ හැඬු කදුලිනි.

වසර දෙකකට පමණ පෙර රාජගිරියේදී මෙම අනතුර සිදුවූයේ රාත‍්‍රි කාලයේදී වන අතර වාහනය පැදවූයේ චම්පික රණවක මහතා විසින් යයි ඇසින් දුටු අය එකල චෝදනා කලහ. පසුව අධිකරණ කටයුතු වලදී ඒ බවත් තහවරු නොවීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: