Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රාජපක්ෂලාට දමිළ ජනතාවගේ කසිදු සහයක් නැහැ TNA කියයි

මෙවර අයවැය සඳහා රජයට සහාය පළ කිරීමට තීරණය කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලැක්වීම සඳහා බවත් යම් හෙයකින් ආණ්ඩුව අයවැය පරාජයට පත්වුවහොත් නැවත බලයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ බැවින් ඒ සඳහා ඉඩ නොතබන බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසන්නේ අයවැය දෙවන වර කියවීමේදී දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය භාවිතා නොකළේ නම් ආණ්ඩුව බිඳවැටී මහින්ද රාජපක්ෂලා බලයට ඒමේ අවදානමක් තිබූ බවත් එසේ වුවහොත් සිදුවන්නේ ‘අපි ගෙනාපු ආණ්ඩුව අපිම ගෙදර යැවීමක්’ බවය.

නැවත රාජපක්ෂලා බලයට පත්වීම දෙමළ ජනතාව කිසිසේත් අපේක්ෂා නොකරන බවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාට ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා දෙමළ ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි සිතීම සිහිනයක් බවත් ඔහු පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: