Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මෛත‍්‍රී ජනපති මහින්ද අගමැති තේමාව ගැන කියන අමරවීර

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයෙන් අපේක්ෂකයෙකු ලෙස තරග වැද ජය ගැනීමට නම් ඔහුගේ සහායට රාජපක්ෂවරුන් සියලු දෙනාම සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

දමිළ ජාතික සංධානය සමග දමිළ ජනතාවගෙන් රාජපක්‍ෂවරුන්ට නැගෙන විරෝධතාවය ගැනද අදහසක් දක්වමින් ඔහු කියා සිටින්නේ, වත්මන් ජනාධිපතිට සිංහල බෞද්ධ ඡන්ද යම් අඩුවක් තිබිය හැකි වුවත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කියවෙන අයගෙන් දමිළ, මුස්ලිම්, කතෝලික ඡන්ද වැඩිම ප්‍රමාණයක් ගත හැකි එකම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බවය.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන සියලු රාජපක්ෂවරුන් ජනාධිපති මෛත්‍රීගේ වේදිකාවෙන් නැතිනම් ඔහුට දිනන්න හැකියාව අවම බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව වෙන වෙනම තරග කළහොත් කිසිවෙකුට ජයගත නොහැකි බවත් එවිට එජාප අපේක්ෂකයාට ජනාධිපතිවීමට ලැබෙන ඉඩ තවත් වැඩි වන බවත් සඳහන් කරන ඔහු මීලග ජනාධිපතිවරණයේදී ‘මෛත‍්‍රී ජනපති – මහින්ද අගමැති’ සටන් පාඨයෙන් තරග වැදිය යුතු බවට කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: