නදීමාල් පෙරේරා සහ තවත් අයෙක් පිටුවහල් කෙරේ:⁣ප්‍රශ්න කිරීම් අරඹයි

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිලාගේ ලලිත් පෙරේරා එරටින් පිටුවහල් කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් අද උදෑසන 06.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මොවුන් දෙදෙනාගෙන් මේ වන විට කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් ප්‍රශ්න කිරිම් සිදුකරනු බව colombogazette sinhala අප කල විමසිමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here