ජිනීවා යෝජනාව ගැන ජනපතිගේ තිරණය


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව පුර්ණ වශයෙන් ක්‍රියාවට නැංවිම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා කියා සිටියේ එම යෝජනාවලියේ එන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් එය ක්‍රියාවට නොනඟන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද පැවති උත්සවයකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානවහිමිකම් ප්‍රවර්ධනය මැයෙන් පසුගියදා ජිනීවා මානවහිමිකම් කවුන්සිලයට තවත් යෝජනාවක්ඉදිරිපත්වු අතර එයට ශ්‍රී ලංකාවද සමඅනුග්‍රහකත්වය දැක්වීය .

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය මගින් 2015 වසරේදි ගෙන ආ යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම සඳහා තවත් වසර 2ක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දීම නව යෝජනාවලියේ අරමුණ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here