අද මධ්‍යම රාත්‍රියේ දුම්රිය වර්ජනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය පරික්ෂණ එහි පරිපාලන නිලධාරිවරයා විසින් සිදුනොකිරිමට විරෝධය පල කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය දියත් කරන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා colombogazette sinhala අප කල විමසිමකදි සඳහන් කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම විනය පරීක්ෂණ සිදු නොකිරිම නිසා විශ්‍රාම යෑම අැතුළු ගැටළු රැසකට මේවන විට දුම්රිය සේවකයින් මුහුණ දී සිටින බවයි.

මේ පිලිබඳව ඉහල නිලධාරීන් සමග සාකච්ඡා කොට කමිටුවක් පත් කරගත්තද එම කමිටුවේ නියෝග අදාල පරිපාලන නිලධාරියා ක්‍රියාත්මක නොකරන බවට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

ඒ අනුව එම පරිපාලන නිලධාරිවරයා ඉවත්කරන තෙක් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here