Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

SLFP SLPP සාකච්චා සාර්ථක නැහැ

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පැවැත්වුණද නිදහස් පක්‍ෂයේ කි‍්‍රයාකලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා පවසයි.

මන්තී‍්‍රවරයා කියාසිටියේ දෙපාර්ශ්වය සාකච්ඡාවල නිරත වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පිරිස් සිදුකරන ප‍්‍රකාශ හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවය.

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා වට දෙකක් ඉකුත් දිනවලදි පැවැත්විණි.

එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියාසිටියේ මෙම සාකච්ඡාවලදි පොදු එකඟතා කිහිපයකට එළඹීමට හැකි වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: