Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

FCID රහස් තොරතුරු FCID එකෙන්ම එළියට

පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

පසුගිය කාල වකවානුවේ පැවති නඩු කටයුතු වලදී ඇතැම් දූෂිතයන් නිදහස් වූයේ එවැනි තොරතුරු ලබාදීම් නිසාවෙන්  බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කියයි.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් යම් යම් දුෂණ වංචා පිළිබඳ නඩු කටයුතු සිදුවන අවස්ථාවල ඒවා පිළිබඳ විරුද්ධ පාර්ශව වෙත තොරතුරු ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති බව ද මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

එමෙන්ම පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ අදාළ ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: