Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හෙද ඉල්ලීම් ගැන රජය සංවේදී නැහැ

හෙද ඉල්ලීම් සම්බන්දයෙන් රජය සවේදී නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයසභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසු සේක. ඒ අනුව උන්වහන්සේ සදහන් කරන්නේ හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවය. කෙසේවෙතත් ළමා රෝහල්, කාසල් කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයවලට අයත් නොවේ.

එමෙන්ම හදිසි ප‍්‍රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකක ද මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එක් නොවේ. මෙය අද සහ හෙට යන දෙදින තුලදී ක්‍රියාත්මක වේ. සිය ගැටළු සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට සුදානම් බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප‍්‍රකාශ කරයි.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක‍්‍රියාත්මක කරන මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට සිය සහය ලබා නොදෙන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි ලේකම් එස්. බී. මැදිවත්ත ප‍්‍රකාශ කළේ හෙද හෙදියන්ගේ ගැටළුවලට විසදුම් ලබා ගැනීම සඳහා ඉදිරියේ දී පොදු හෙද අරගලයක් ආරම්භ කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: